Update – මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් නිලධාරියෙක් මරුට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (07) උදෑසන මියගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මියගෙන් දසත නිවුස් කළ විමසීමක දී ඇය මේ බව තහවුරු කළා.

ඒ, අනුව ඊයේ (06) බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මියගිය පිරිසට රැඳවියන් 19 දෙනෙකු ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted