බාල වයස්කරුවෙක් පැදවූ කැබ් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේ අටනමක් අපවත් වෙති

ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් අද (02) සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 08 නමක් අපවත් වී තිබෙනවා.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තිදෙනෙකු රෝහලේ දී අපවත් වී තිබෙනවා.

අනතුරට පත් වූ කැබ් රථය 11 හැවිරිදි ළමයෙක් විසින් පදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු දෙමාපියන්ගේ හෝ භාරකරුවෙකුගේ කිසිදු අවසරයකින් තොරව මෙම වාහනය පදවාගෙන විත් මෙම මාරක අනතුර සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18