හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට රෝහලට පැමිණෙන පිරිස් වෙත විශේෂ ඉල්ලීමක්

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට පැමිණෙන පිරිස් සීමාකරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් පමණක් එම අවස්ථාව සකසා ගන්නේ නම් උචිත බවයි වෛද්‍යවරයා පැවසුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයාට මේ වනවිට විවේකය අවශ්‍ය බවත්, ඔහුව බැලීමට අමුත්තන් නිරන්තරයෙන් පැමිණීම තුළින් ඊට බාධා එල්ලවන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ තවත් රෝගීන් 09 දෙනෙක් එම දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් ඔවුන්ට ද එය බාධාවක් බව ද වෛද්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
2
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?