මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට පැමිණෙන පිරිස් සීමාකරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලීමක් කරනවා.
ඒ, අනුව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් පමණක් එම අවස්ථාව සකසා ගන්නේ නම් උචිත බවයි වෛද්‍යවරයා පැවසුවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරයාට මේ වනවිට විවේකය අවශ්‍ය බවත්, ඔහුව බැලීමට අමුත්තන් නිරන්තරයෙන් පැමිණීම තුළින් ඊට බාධා එල්ලවන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවා.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ තවත් රෝගීන් 09 දෙනෙක් එම දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් ඔවුන්ට ද එය බාධාවක් බව ද වෛද්‍යවරයා පවසා සිටියා.














At this time what Mr. Wickramasinghe needs is total rest. Only his family should visit.
May the Noble Triple Gem bless & protect him.
Please let him rest and keep mind cool
Please let him rest in peace
ඔච්චරම අසනීප තියෙනවනම් ගෙදරට වෙලා හිටියනං ඉවරයිනේ. මේවගේ අමරු තියෙන අයට රටක් පාලනය කරන්න දෙන එකෙන් රට වලපල්ලට යන එක අහන්න දෙයක් නෑ.