AFC Banner
Empty Ad

දුම්රියෙහි ගැටී සිදුවන වනඅලි මරණ නවත්වන්න පේරාදෙණියෙන් නව උපකරණයක්

මේ වන විට රට තුළ විශාල ඛේදවාචකයක් බවට පත් ව ඇති අර්බුදයක් වන දුම්රියහි වනඅලි ගැටී මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් එය විසඳා ගැනීම සඳහා කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගෙන විශේෂී උපකරණයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්‍යය ලිලන්ත සමරනායක මහතා පැවසුවේ මෙම උපකරණය භාවිතයෙන් දුම්රියේ ගැටී සිදුවන වනඅලි මරණ අවම කර ගැනීමට හැකිවන බවයි.

මෙම උපකරණය දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව නිපද වූවක් බවත් එය පසුගිය සතියේ දී නැගෙනහිර දුම්රිය මාර්ගයේ දී අත්හදා බැලීමකට ලක් කළ බවත් එය අතිසාර්ථක බව ද මහාචාර්‍යයවරයා පැවසුවා.

නව නිෂ්පාදනය මගින් වනඅලියෙක් මීටර් 500ක් පමණ දුරකින් මාර්ගයේ සිටින්නේ නම්; මෙම උපකරණය මගින් එය දුම්රිය රියදුරුට දැනුම්දෙන බව ද වාර්තා වනවා.

මෙම නිෂ්පාදනයට කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගෙන ඇති බවත් දුම්රිය රියදුරුට අදාළ දැනුම්දීමත් සමග සිය දුම් රියෙහි වේගය අඩාල කරගෙන නතර කරගැනීමට හැකි වනු ඇති.

දැඩි කළුවරක වුව ද මෙම උපකරණය සූක්ෂ්මව ක්‍රියාත්මක වීමට සංවේදීත්වයක් දක්වන බවත් වාර්තා වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිට මෙම උපකරණය නිරීක්ෂණය කිරීමට හැකි බවත් මේ සතියේ ඒ උපකරණය මඩකලපුව දුම්රියේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මුල් අවස්ථාවේ දී අදාළ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පීඨ නිරීක්ෂකයෙක් එක් වන බව ද පීඨාධිපතිවරයා පැවසුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා අදාළ අංශ මේ සඳහා අවසරය ලබා දී ඇති බවත් මේ ආකාරයේ උපකරණ 04ක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට දැනුම්දී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?