දුම්රියෙහි ගැටී සිදුවන වනඅලි මරණ නවත්වන්න පේරාදෙණියෙන් නව උපකරණයක්

මේ වන විට රට තුළ විශාල ඛේදවාචකයක් බවට පත් ව ඇති අර්බුදයක් වන දුම්රියහි වනඅලි ගැටී මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් එය විසඳා ගැනීම සඳහා කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගෙන විශේෂී උපකරණයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්‍යය ලිලන්ත සමරනායක මහතා පැවසුවේ මෙම උපකරණය භාවිතයෙන් දුම්රියේ ගැටී සිදුවන වනඅලි මරණ අවම කර ගැනීමට හැකිවන බවයි.

මෙම උපකරණය දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව නිපද වූවක් බවත් එය පසුගිය සතියේ දී නැගෙනහිර දුම්රිය මාර්ගයේ දී අත්හදා බැලීමකට ලක් කළ බවත් එය අතිසාර්ථක බව ද මහාචාර්‍යයවරයා පැවසුවා.

නව නිෂ්පාදනය මගින් වනඅලියෙක් මීටර් 500ක් පමණ දුරකින් මාර්ගයේ සිටින්නේ නම්; මෙම උපකරණය මගින් එය දුම්රිය රියදුරුට දැනුම්දෙන බව ද වාර්තා වනවා.

මෙම නිෂ්පාදනයට කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගෙන ඇති බවත් දුම්රිය රියදුරුට අදාළ දැනුම්දීමත් සමග සිය දුම් රියෙහි වේගය අඩාල කරගෙන නතර කරගැනීමට හැකි වනු ඇති.

දැඩි කළුවරක වුව ද මෙම උපකරණය සූක්ෂ්මව ක්‍රියාත්මක වීමට සංවේදීත්වයක් දක්වන බවත් වාර්තා වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිට මෙම උපකරණය නිරීක්ෂණය කිරීමට හැකි බවත් මේ සතියේ ඒ උපකරණය මඩකලපුව දුම්රියේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මුල් අවස්ථාවේ දී අදාළ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පීඨ නිරීක්ෂකයෙක් එක් වන බව ද පීඨාධිපතිවරයා පැවසුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා අදාළ අංශ මේ සඳහා අවසරය ලබා දී ඇති බවත් මේ ආකාරයේ උපකරණ 04ක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට දැනුම්දී ඇති බවත් වාර්තා වනවා.

  1. මමත් හදලා තියෙනවා ..ඉස්කෝලේ ප්‍රදර්ශනයක් තිබිලා හැදුවේ…වැඩිදියුණු කරන්න පුලුවන් .නව නිපැයුම් කරලා සමස්ත ලංකා තරග වලට පවා සහභාගි වුනා..රිලව් පැන්නීමටත් නව නිර්මාණයක් හැදුවා ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25