ගල්ඔය අවටින් පවුල් රැසක් ඉවත් කෙරේ – නායයෑම් නිවේදනත් නිකුත් වෙයි

අම්පාර දිස්ත්‍රික්කයට අයත් ගල්ඔය ඉවුර ඛාදනය වීමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි අවදානමකට මුහුණ පා සිටින පවුල් කඩිනමින් ඉවත් කෙරෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගල් ඔයෙහි ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති පසුබිමක දී අදාළ ඉවුරෙහි බරපතළ ලෙසින් පැති බැමි නායයෑමට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගල් ඔයට ආසන්නව ඇති සුදුවැල්ල ගම්මානයේ පවුල් 25ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

මීට අමතරව මින්නේරිය වැවේ ජල ධාරිතාව වාන් මට්ටම දක්වා ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මේ දිනවල (14) පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ පෙරේදා (12) දිනයේ දී මින්නේරිය වැවේ වාන් දොරටු 02ක් අඩියක් බැගින් විවෘත කෙරුණු අතර අද දිනයේත් ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වැවේ වාන් දොරටු 07න් 04ක් ම විවෘත කර ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව මින්නේරිය වැවේ විවෘත කර ඇති වාන් දොරටු 04න් තත්පරයට ඝන අඩි 900ක ජල ධාරිතාවක් මින්නේරිය වාන් ඇළ ඔස්සේ කවුඩුල්ල වැව වෙත මුදාහැරෙනු ඇති.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නායයෑමේ පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණා.

මහනුවර, කුරුණෑගල, මාතලේ, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51