දිවයින පුරා ෆාමසි රැසක් වැසී යෑමේ බරපතළ අවදානමක ? (නිවේදනය)

දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසී යෑමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් රජයේ රෝහල්, පෞද්ගලික ඖෂධ ශාලා සහ ඖෂධවේදීන් 10,000ක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් 6000ක් පමණක් බව‍යි.

ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණු වන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙනු ලබනවා.

එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේ දී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසනවා.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වාදීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නා තුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරියේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබෙනවා.

එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර ඇති බවත් වාර්තා වනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට වන අතර මේ සම්බන්ධයෙන් අදාළ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති බවයි ඖෂධ සැල් හිමිකරුවන්ගේ සංගම් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?