දිවයින පුරා ෆාමසි රැසක් වැසී යෑමේ බරපතළ අවදානමක ? (නිවේදනය)

දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසී යෑමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් රජයේ රෝහල්, පෞද්ගලික ඖෂධ ශාලා සහ ඖෂධවේදීන් 10,000ක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් 6000ක් පමණක් බව‍යි.

ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණු වන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙනු ලබනවා.

එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේ දී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසනවා.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වාදීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නා තුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරියේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබෙනවා.

එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර ඇති බවත් වාර්තා වනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට වන අතර මේ සම්බන්ධයෙන් අදාළ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති බවයි ඖෂධ සැල් හිමිකරුවන්ගේ සංගම් පෙන්වා දෙන්නේ.

  1. ඉතාම නිවරදි තිරණයක්. මේ නිතිය අතිතයේදි ඉතා තදින් හා නියමාකාරයෙන් ක්‍රියාත්මක උනා. දැං මේකට PHI ලා විරැද්ධ වෙයි. හා නැද්ද බලන්න,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42