AFC Banner
Empty Ad
Empty Ad

බෙංගාල බොක්ක කැලඹෙයි – අද උදෑසන සුළි සුළඟක්?

මේ වන විට (23) මධ්‍යම බෙංගාල බොක්ක අවට පවතින පීඩන අවපාතය අද උදෑසන කාලයේ දී සුළි සුළඟක් බවට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා අවධාරණය කළේ මේ හේතුවෙන් අද දිනයේ දී බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවයි.

හෙට (24) වන විට මෙය චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් ව ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයෙන් ඉන්දියානු අර්ධද්වීපය වෙත ගමන් කරන බව ද ඔහු පවසනවා.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක අවට මුහුදු කලාපයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව ද වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං ද ඇති විය හැකි බව පවසන කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා පැවසුවේ දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි ඇති විය හැකි බවයි.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු තීරයේත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයෙත් විටින් විට සුළඟේ වේගය වැඩි විය හැකි බවත් එය පැයට කිලෝමීටර් 45-50 දක්වා අගයක් ගත හැකි බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10

?