බෙංගාල බොක්ක කැලඹෙයි – අද උදෑසන සුළි සුළඟක්?

මේ වන විට (23) මධ්‍යම බෙංගාල බොක්ක අවට පවතින පීඩන අවපාතය අද උදෑසන කාලයේ දී සුළි සුළඟක් බවට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා අවධාරණය කළේ මේ හේතුවෙන් අද දිනයේ දී බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවයි.

හෙට (24) වන විට මෙය චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් ව ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයෙන් ඉන්දියානු අර්ධද්වීපය වෙත ගමන් කරන බව ද ඔහු පවසනවා.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක අවට මුහුදු කලාපයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව ද වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං ද ඇති විය හැකි බව පවසන කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා පැවසුවේ දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි ඇති විය හැකි බවයි.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු තීරයේත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයෙත් විටින් විට සුළඟේ වේගය වැඩි විය හැකි බවත් එය පැයට කිලෝමීටර් 45-50 දක්වා අගයක් ගත හැකි බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56