ඔන්ලයින් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔන්ලයින් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සමග අත්තිඩිය ප්‍රදේශයේදී (9) දින රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් ජාවාරමේන් උපයාගන්නා ලද බවට සැකකෙරෙන මුදලින් රුපියල් දෙලක්ෂ දෙදහක්, ජංගම දුරකථන දෙකක් , ඩිජිටල් තරාදියක් සහා ගුවන් ගමන් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලදී බුද්ධි තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු තිහක් පමණ වන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දෙහිවල ප්‍රදේශයේ කුළි නිවසක සිට මෙම ජාවාරමේ නිරතව ඇතැයි පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?