හිටපු සෞඛ්‍ය ලේකම්ගේ ක්‍රියාකලාපය සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම හා සැපයුම ආශ්‍රිත කටයුතු සියල්ලේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත්, ලෝචනා අබේවික්‍රම මහත්මිය පැවසුවා.

ඒ් ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වංචාව පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මෙම ක්‍රියාවලියේ ඉහළ සිට පහළට කටයුතු කර ඇති නිලධාරීන් සියල්ල අපරාධ සහායකයින් ලෙස කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්, ලෝචනා අබේවික්‍රම මහත්මිය මෙම ආන්දෝලනාත්ම ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයක්ද කරමින්.

ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ පරීක්ෂණයේ වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ වාර්තාවට අනුව එම එන්නත් මාත්‍රා ක්ෂුද්‍ර ජීවි පරීක්ෂණය අසමත් වී ඇති බවත් රෝගින්ගේ ශරීරයට එන්නත් කරන ලද ද්‍රාවණවල ක්ෂුද්‍ර ජීවින් සිට ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අනාවරණය කළා.

එබැවින් එම ඖෂධ රෝගින්ට මාරාන්තික අසාත්මිකතා ඇති කරවනු ඇති බව ක්ෂුද්‍ර ජීවි විශේෂඥයින්ගේ මතය වී ඇති බවයි ඇය අධිකරණය හමුවේ කියා සිටියේ.

දැනටමත් ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ඖෂධවලට අමතරව, මෙම ඖෂධ සැපයුම්කරු විසින් සපයන ලද තවත් ඖෂධ 04ක් පිළිබඳ මේ වන විට විමර්ශන අරඹා ඇති බව
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අනාවරණය කළා.

ඒ අනුව පිළිකා සඳහා ලබාදෙන ඖෂධ වර්ග දෙකක් අක්ෂි ශල්‍යකර්ම සහ රුධිරය කැටි ගැසීමේ ගැටලුවලට ලබාදෙන තවත් ඖෂධ දෙකක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ
අනාවරණය කළේ.

එබැවින් ඇය මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ එම ඖෂධ රෝගීන්ට ලබාදීම අත්හිටුවා යළි කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අදාළ ඉල්ලීම සඳහා අනුමැතිය පළ කළ මහේස්ත්‍රාත්වරිය, රෝහල්වලට බෙදාහැර ඇති එම ප්‍රශ්නගත ඖෂධ 04 ද රෝගීන්ට ලබාදීම අත්හිටුවා, විමර්ශන සඳහා ආරක්ෂිතව ගබඩා කර තබන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30