බ්‍රිගේඩියර්වරයෙක් මේජර් ජෙනරාල් ධුරයට උසස් කරන්න අධිකරණ නියෝගයක්

පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද යුද හමුදාපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කරන ලෙසටයි අධිකරණ නියෝගයේ සඳහන් වූයේ.

බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළා.

තමන් මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සදහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල කර එම ධුරයට උසස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙත්සම්කරු පවසනවා.

යුද හමුදාපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ව උසස් කිරීම සඳහා නිර්දේශ කරන ලෙසත් ඉල්ලමිනුයි පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14