අස්වැසුම නිර්ණායක ගැන දැනුම් දීමක් – සුදුසුකම් නොලැබූ අයට දෙසැම්බර් දක්වා සමෘද්ධිය

ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත අස්වැසුම වැඩසටහ‍නේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු අතර දරිද්‍රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්‍රමාණයක් ‍යොදා ගත යුතු බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා උපදෙස් දී තිබෙනවා.

අස්වැසුම පළමු පියවර අසාර්ථක වීමට හේතු වූයේ යොදා ගත් පරාමිතීන් සංඛ්‍යාව වැඩි වීම හා එම පරාමිතීන්වලට තබන ලද බර හේතු වූ බවයි කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ.

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය පිළිබද විමසා බැලීම සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, දරිද්‍රතාවය මැනීම සඳහා විදුලි බිල යොදාගැනීමේ වැදගත්කම යළි අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විදුලි ඒකක 30ට අඩු විදුලි පරිභෝජනය යන පරාමිතිය මේ සඳහා භාවිතා කළ හැකි බවයි කියාසිටියේ.

ලංකා විදුලි බල මණ්ඩලය හා සම්බන්ධීකරණය කරගනිමින් එම පරාමිතිය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා. එමෙන්ම, විදුලි බිල යන පරාමිතිය සඳහා 60%ක බර තැබීමක්ද, දරිද්‍රතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් පරාමිතීන් සඳහා 40%ක බර තැබීමක් ද කරන ලෙසටයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේ.

සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමක් සිදු කළ ද, රජයට හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ජනතා ප්‍රසාදයක් හිමි නොවීමට හේතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ දුර්වලතා හේතුවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා; උගත්, විරැකියාවෙන් පෙළෙන 20% කට වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අප්‍රිකාව වැනි රටවලට ගැලපෙන පරාමිතීන් නොගැලපෙන බව ද අවධාරණය කළා.

ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් 1,367,524ක් සඳහා රුපියල් 8,525,999,000ක මුදලක් ද, අගෝස්තු මාසයේ ප්‍රතිලාභීන් 1,365,076ක් සඳහා රුපියල් 8,496,698,750ක් ද ගෙවා ඇති බව මෙහිදී හෙළි වුණා. 2024 අයවැය මගින් අස්වැසුම වැඩසටහන සඳහා බිලියන 180.5ක් වෙන් කර ඇති අතර ඒ අනුව මිලියන දෙකකට මෙම ප්‍රතිලාභය ලබා දිය හැකි බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා 1,000,000ක් ලැබී ඇති බවත් ඉන් මේ වන විට අවසන් කර ඇත්තේ 2,00,000ක් පමණක් බවත් මෙහිදී හෙළි වුණා. ඒ අනුව ඉන් 119,794ක ප්‍රමාණයක් වැඩසටහනට ඇතුලු කර ගෙන ඇති අතර, 4655ක අභියාචනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් දැනට ලක්ෂ 18ක් සිටින බවත් ඉන් ලක්ෂ 395,000ක් වන සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් අස්වැසුම වැඩසටහනට ඇතුලත් වී නොමැති බවත් මෙහිදී අනාවරණය වූ අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව දෙසැම්බර් මාසය වනතුරු මෙම සියලු දෙනා ප්‍රතිලාභ ලබන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එම පිරිසට හා මෙතෙක් අස්වැසුම වැඩසටහන සදහා ඉල්ලුම් නොකළ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළා.

ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය මට්ටමේ විශේෂිත නිලධාරින් අවශ්‍ය වන අතර, ඒ සඳහා නිශ්චිත වශයෙන් ම වෙන් වූ නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍ය බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කියා සිටියා. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විසඳා ගෙන අභියාචනා ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43