මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි – ඇමති රමේෂ් පතිරණ

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

පසුගිය කොවිඩ් සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තුළ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලු දෙනාම අප රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කැපවීමෙන් කටයුතු කළා. ඒ පිළිබඳව අප ඔවුන්ට අපේ කෘතඥතාව පළ කළ යුතුයි.

විශේෂයෙන්ම අපේ රටේ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් 2022 වසර අවසාන වන විට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකිවුණා.

ඒවගේම ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිතයි. මේ නිසා අපේ රටේ කර්මාන්ත ප්‍රමාණවත් ලෙස දියුණු වී නැහැ. ඒ නිසා මෙම ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමට අප මේ වනවිට පියවර ගනිමින් සිටිනවා. අපේ ඉලක්කය වී තිබෙන්නේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීමටයි.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය (NAPID) සකස් කර අමාත්‍ය මණ්ඩල සඳහා ඉදිරිපත් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2023-2048) ඇතුලත් කිරීමට ආර්ථික ස්ථායීකරණය පුනර්ජීවන සහ වර්ධනය ඉහළ නැංවීම පිළිබඳ කමිටුව තීරණය කර තිබෙනවා.

කර්මාන්ත ප්‍රතිපත්තියට අදාළ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සකස් කර අවසන්. එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනත වත්මන් හා අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙනවා. එහි මුලික කෙටුම්පත සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දී තිබෙනවා.
මෝටර් රථ නිෂ්පාදනය – එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට අදාළ 2 වන කෙටුම්පත ද මේ වන විට සකසා අවසන් කර තිබෙනවා. ඒ වගේම එම කෙටුම්පත අදාළ පාර්ශවකරුවන්ට ඉදිරිපත් කර ඔවුන් සමඟ ද සාකච්ඡා කර අවසන්. ඒ අනුව වාහන එකලස් කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් අවසන් කිරීමට නියමිතයි.

විද්‍යුත් වාහන සඳහා මාර්ගෝපදේශ (E-Vehicle Guideline) පිළිබඳව පළමුවන කෙටුම්පතෙහි කරුණු පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව මඟින් ඔවුන්ගේ යෝජනා ඇතුළත් වාර්තා ලබා දී තිබෙනවා. එම වාර්තා සැලකිල්ලට ගනිමින් සංශෝධිත මාර්ගෝපදේශ සැකසීම ආරම්භ කර ඇති අතර එය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරනවා. තවද මෝටර් රථ එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ නව ආයතන 15ක් සඳහා 2023 වසරේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප/කර්මාන්තපුර ස්ථාපනය කිරීමේ විශේෂ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය මට්ටමින් ඉඩම් හඳුනාගත්, කඩිනමින් නිම කළ හැකි කර්මාන්තපුරවල මූලික සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ යටතේ දැනටමත් තිබෙන කර්මාන්තපුර 32 ක සහ නව කර්මාන්තපුර 6ක (අලුතපොල, දඹුල්ල, සඳමල්ගම, සූරියවැව, මහව සහ වැල්ලවාය) සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. විද්‍යුත් වාහන එකලස් කිරීම හා උපාංග නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සහිත කර්මාන්තපුරයක් කටුනායක කටාන ප්‍රදේශයේ අක්කර 100 ක භූමි ප්‍රමාණයක ස්ථාපිත කිරීමට ද කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම අප දැනටමත් නව කර්මාන්ත පුර 03 ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය වශයෙන්.

ලංකා ඛණිජ වැලි සමාගමේ ඛණිජ වැලි විකිණීම සඳහා නව විකුණුම් ක්‍රමවේදයක් හඳුන්වා දීමත් සමඟ ලංසුකරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තම මිල ගණන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. මිල ගණන් විවෘත කරන අවස්ථාවේදීම සුදුසුම ලංසුකරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට හැකියාව තිබෙනවා. එම ක්‍රමවේදය භාවිතා කර ප්‍රථම අලෙවිය සිදු කරන ලද අතර එමඟින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 62,150 ක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 20.33 ක් ලබා ගැනීමට හැකි වුණා.

දෙවන අලෙවිය මඟින් සර්කෝන් මෙට්‍රික් ටොන් 30,000 ක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 14.1ක ආදායමක් ලබා ගැනීමට හැකිවුණා. එමඟින් ලැබූ ආදායමෙන් රුපියල් මිලියන 1726 ක මුදලක් ලාභාංශ ලෙස භාණ්ඩාගාරයට ලබා දීමට ද අප කටයුතු කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10