ඩයනා මැදි වූ සිද්ධිය ගැන සොයන්න විශේෂ කමිටුවක් (වීඩියෝ)

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර අද (20) ඇති වූ සිද්ධිය සම්බන්ධටෙන් විමර්ශන කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ කමිටුව කථානායකවරයා විසින් පත්කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් තමා වෙත භාරදෙන ලෙසයි කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී දන්වා සිටියේ.

ඒ, අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබෙනවා.

එම කමිටුව වන්නේ,

අජිත් රාජපක්ෂ (සභාපති) චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉමිතියාස් බාකීර් මාකාර්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් තමාට පහර දී කාන්තා හිංසනයක් සිදු කළ බවයි.

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේ දී මෙම පහරදීම සිදු වූ බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23