spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනා මැදි වූ සිද්ධිය ගැන සොයන්න විශේෂ කමිටුවක් (වීඩියෝ)

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර අද (20) ඇති වූ සිද්ධිය සම්බන්ධටෙන් විමර්ශන කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ කමිටුව කථානායකවරයා විසින් පත්කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් තමා වෙත භාරදෙන ලෙසයි කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී දන්වා සිටියේ.

ඒ, අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබෙනවා.

එම කමිටුව වන්නේ,

අජිත් රාජපක්ෂ (සභාපති) චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉමිතියාස් බාකීර් මාකාර්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් තමාට පහර දී කාන්තා හිංසනයක් සිදු කළ බවයි.

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේ දී මෙම පහරදීම සිදු වූ බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?