ඉන්දියාව, කැනේඩියානු පුරවැසියන්ට දොරටු වසයි

කැනඩා භූමියේ දී සික් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් උත්සන්න වන ගැටුමක් මධ්‍යයේ ඉන්දියාව, කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.

කැනඩාවේ සිය දූත මණ්ඩලවල වැඩකටයුතු කඩාකප්පල් කිරීම “ආරක්ෂක තර්ජන” හේතුවෙන් මෙම තාවකාලික පියවර ගත් බවයි ඉන්දීය රජය පවසන්නේ.

සික් බෙදුම්වාදියෙකු පසුගිය ජුනි 18 වනදා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස ඉන්දියාව සිටින බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීමෙන් පසු දෙරට අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් කැනේඩියානු අගමැති ටෘඩෝ ඊයේ ප්‍රකාශ කළේ මෙම චෝදනාවෙන් ඉන්දියාව කුපිත කිරීමට තමා බලාපොරොත්තු නොවූ බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි වාර්තාකරුවන් අමතමින් ටෘඩෝ පැවසුවේ “ඉන්දියාව දියුණුවන වැදගත්කමක් ඇති රටක් බවත්, අප සමඟ දිගටම වැඩ කළ යුතු රටක් බවට ප්‍රශ්නයක් නැත” යනුවෙන්.

කැනඩාවට, ඉන්දියාව කුපිත කිරීමට හෝ චෝදනාව සම්බන්ධයෙන් ගැටලු ඇති කිරීමට බලාපොරොත්තු නොවන නමුත් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම සහ කැනේඩියානුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව නොසැලෙන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

2020 වසරේ දී ඉන්දියාව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළහර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනයට “ඉන්දියා රජයේ නියෝජිතයන්” සම්බන්ධ දැයි කැනඩාවේ බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටින බවයි අගමැති ජස්ටින් ටෘඩෝ පවසන්නේ.

මේ අතර ඉන්දියානු රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 වර්ෂයේ දී කැනේඩියානු සංචාරකයින් 80,000 ක් පමණ ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ තැ. කාර්යාල වැහිල්ලෙන් හඳුන්නෙත්තිට රතු කට්ට පනියි..අපිට අදාළ ප්‍රශ්ණ නෙවෙයි
02:09
Video thumbnail
ඩෙල්ෆ් දූපතේ තිබුණු නිවාසවලට වඩා වැඩි ගාණක් විනාශ වුණේ කොහොමද?ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:47
Video thumbnail
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න
05:40
Video thumbnail
"මහනුවර ගෙනියන්න වෙනවා අම්පාර, පොළොන්නරුව පැත්තට"අසමතුලිතතාවය සමතුලිත කිරීමක් මේ කරන්නේ
17:02
Video thumbnail
Praharaya | පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:04:41
Video thumbnail
අදූෂිත ආණ්ඩුවක් ආවාම රටටත් ලේසියි ජනතාවටත් ලේසියි..Facebook එකෙන් බනින්නේ කොන්ද අඩු අයනේ..
10:09
Video thumbnail
ටිල්වීන් ඇතුළු ප්‍රබලයෝ විපතට පත්වූවන්ට සෙත් පතයි
00:52


?