ඉන්දියාව, කැනේඩියානු පුරවැසියන්ට දොරටු වසයි

කැනඩා භූමියේ දී සික් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් උත්සන්න වන ගැටුමක් මධ්‍යයේ ඉන්දියාව, කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.

කැනඩාවේ සිය දූත මණ්ඩලවල වැඩකටයුතු කඩාකප්පල් කිරීම “ආරක්ෂක තර්ජන” හේතුවෙන් මෙම තාවකාලික පියවර ගත් බවයි ඉන්දීය රජය පවසන්නේ.

සික් බෙදුම්වාදියෙකු පසුගිය ජුනි 18 වනදා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස ඉන්දියාව සිටින බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීමෙන් පසු දෙරට අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් කැනේඩියානු අගමැති ටෘඩෝ ඊයේ ප්‍රකාශ කළේ මෙම චෝදනාවෙන් ඉන්දියාව කුපිත කිරීමට තමා බලාපොරොත්තු නොවූ බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි වාර්තාකරුවන් අමතමින් ටෘඩෝ පැවසුවේ “ඉන්දියාව දියුණුවන වැදගත්කමක් ඇති රටක් බවත්, අප සමඟ දිගටම වැඩ කළ යුතු රටක් බවට ප්‍රශ්නයක් නැත” යනුවෙන්.

කැනඩාවට, ඉන්දියාව කුපිත කිරීමට හෝ චෝදනාව සම්බන්ධයෙන් ගැටලු ඇති කිරීමට බලාපොරොත්තු නොවන නමුත් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම සහ කැනේඩියානුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව නොසැලෙන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

2020 වසරේ දී ඉන්දියාව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළහර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනයට “ඉන්දියා රජයේ නියෝජිතයන්” සම්බන්ධ දැයි කැනඩාවේ බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටින බවයි අගමැති ජස්ටින් ටෘඩෝ පවසන්නේ.

මේ අතර ඉන්දියානු රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 වර්ෂයේ දී කැනේඩියානු සංචාරකයින් 80,000 ක් පමණ ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

  1. USA Canada Australia New Zealand mewa thamayi swadeshikayo marala ithuru ewun pannala eyi ratawal balen ath path kar gath un inna ratawal. karumeta adha unma thamayi manawa himikam gena berihan denne. thamath un pannala dapu swadeshikayo ungema wahallu lesa antha dugee 3 wana panthiye purawasiyo lesa eyi ratawal athulema bohoma dukkithawa jeewath wenawa. unta munge manawa himikam nahe. Anith ratawala manawa himikan gena ke gahanawa. anith ratawala aparadha, minee marum,mankolla kem, pathala, drugs, smuggling saha terrorism kala un okkoma paninne me ratawalata. unta rekawaranaya arakshawa saha purawasikama deela mun maaara adharayen bala gannawa. munge ammage reddhe liberal democracy maka bewiya.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23