නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලිපියකට අතුරු තහනම් නියෝගයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර ඇති ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්.

පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.

ඒ අනුව තම කාර්යාංශය විසින් විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගත් බවත් එම ප්‍රදේශයේ කැණීම් සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබා ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා “මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කළ අතර ඒ අනුව අදාළ සමාගම විසින් කැණීම් කටයුතු ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන්.

එසේ තිබියදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් පසුගිය මාර්තු මස 16 වනදා ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බව අදාළ සමාගම වෙත දැනුම් දී තිබූ බවත් පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන තම ආයතන වෙත බවයි.

ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවන අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බවත් පෙත්සම්කාර ආයතනය පවසනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34