පුනර්ජනනීය බලශක්තිය ගැන රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර සූදානම පිළිබඳ සාකච්ඡාවක්

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පළාත සූදානම් කිරීම සඳහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමඟ නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එම සාකච්ඡාව සිදු කෙරුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව සිටියා.

නැගෙනහිර පළාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු, ඒ සඳහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ෂණය කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති කඩිනමින් කිරීම සඳහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත් කිරීමටයි යෝජනා වූයේ.

ත්‍රිකුණාමලය, බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිළිබඳව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලිබල වැඩසටහන් පිළිබඳව ආණ්ඩුකාරවරයා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34