ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීම්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ පළාත් කීපයක පවතින දැඩි නියඟයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ උතුරු පළාතටයි.

මේ වන විට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ.

පානීය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බවුසර් මගින් පානීය ජලය සැපයෙන අතර එම සැපයුම් සඳහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජල උල්පත්, ළිං හෝ වෙනත් ජල මුලාශ්‍ර නොමැති බවයි ආපදා කලමනාකරණ නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙවැනි තත්වයක් මත පවතින ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

ජාතික ජලම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56