ශ්‍රී ලාංකික ධීවරයන් 3ක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට

තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රාන්තයේ වේදාරන්යම් වෙරළ ආසන්නයේදී ශ්‍රී ලාංකික ධීවරයින් තුන් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්‍ෂක කණ්ඩායම විසින් මෙම තිදෙනා ඔවුන්ගේ ධීවර යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් මුහුද මැද අතරමංව සිටියදී මෙලෙස සිය භාරයට ගෙන ඇති බවයි.

වයස අවුරුදු 25ත් 40ත් අතර වයස්වල පසුවන මෙම ධීවරයන් තිදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් පසුගිය ඉරිදා යාන්ත්‍රික බෝට්ටුවකින් මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් ඇති අතර එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් මුහුද මැද අතරමං වී තිබෙනවා.

එලෙස සිටියදී යි ඉන්දීය වෙරළාරක්ෂක කණ්ඩායම ඔවුන්ගේ මුර සංචාරයේ යෙදී සිටියදී ශ්‍රී ලංකික ධීවරයන් සොයාගෙන ඇත්තේ.

වෙරළ ආරක්‍ෂක බලධාරීන් සඳහන් කර ඇත්තේ යාපනයේ පදිංචි 40 හැවිරිදි පී. රීගන්, 25 හැවිරිදි එස්. සිවකුමාර්, සහ 37 හැවිරිදි ඒ. ශ්‍රීකාන්තන් මෙලෙස තම භාරයට ගත් බවයි.

ඔවුන් සතුව තිබූ බෝට්ටුව සහ ධීවර උපකරණ තමිල්නාඩු වෙරළබඩ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33