ශ්‍රී ලාංකික ධීවරයන් 3ක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට

තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රාන්තයේ වේදාරන්යම් වෙරළ ආසන්නයේදී ශ්‍රී ලාංකික ධීවරයින් තුන් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්‍ෂක කණ්ඩායම විසින් මෙම තිදෙනා ඔවුන්ගේ ධීවර යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් මුහුද මැද අතරමංව සිටියදී මෙලෙස සිය භාරයට ගෙන ඇති බවයි.

වයස අවුරුදු 25ත් 40ත් අතර වයස්වල පසුවන මෙම ධීවරයන් තිදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් පසුගිය ඉරිදා යාන්ත්‍රික බෝට්ටුවකින් මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් ඇති අතර එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් මුහුද මැද අතරමං වී තිබෙනවා.

එලෙස සිටියදී යි ඉන්දීය වෙරළාරක්ෂක කණ්ඩායම ඔවුන්ගේ මුර සංචාරයේ යෙදී සිටියදී ශ්‍රී ලංකික ධීවරයන් සොයාගෙන ඇත්තේ.

වෙරළ ආරක්‍ෂක බලධාරීන් සඳහන් කර ඇත්තේ යාපනයේ පදිංචි 40 හැවිරිදි පී. රීගන්, 25 හැවිරිදි එස්. සිවකුමාර්, සහ 37 හැවිරිදි ඒ. ශ්‍රීකාන්තන් මෙලෙස තම භාරයට ගත් බවයි.

ඔවුන් සතුව තිබූ බෝට්ටුව සහ ධීවර උපකරණ තමිල්නාඩු වෙරළබඩ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?