Empty Ad
Empty Ad
 Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කළ තීන්දුවට එරෙහිව පෙත්සමක්

අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් ඉවත් කර එම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනුයි සිය නීතිඥ උදාර මුහන්දිරම් මහතා මාර්ගයෙන් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදීමෙන් අනතුරුව එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන් විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළ බවත් පෙත්සම්කරු කියා සිටියා.

මහේස්ත්‍රත් අධිකරණයේ එම තීරණයට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කර තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු විනිසුරුවරු නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් කළේ.

එබැවින් අභියාචනාධිකරණයේ තීන්දුව ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ පුටුවේ වාඩි වුණ ස්වාධීන මන්ත්‍රී - "කොහේ හරි ලියලා තියෙයිද එයාගේ පුටුව කියලා"
Video thumbnail
යළි පාර්ලිමේන්තුවට ආ ප්‍රබලයෝ කියපු කතා
01:28
Video thumbnail
ගෙදර තිබ්බ ත්‍රීරෝද රථය කැළයට ඇදගෙන ගිය සද්දන්තයා - ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි
04:54
Video thumbnail
රනිල්, මෛත්‍රී රටින් පනියි..?
01:21
Video thumbnail
පක්ෂය ඇතුළේ දේවල් එළියට දෙන්නේ නෑ - මරික්කාර්ට යකා ඇවිස්සෙයි
01:05
Video thumbnail
හැමෝම නීතියට යටත් වෙන්න - ජනපතිගෙන් සැර කතාවක්
12:42
Video thumbnail
10 වැනි පාර්ලිමේන්තුවේදී ජනපති අනුර කුමාර දිසානායක සිදුකරන රාජාසන කතාව සජීවීව
01:17:56
Video thumbnail
රාජාසන කතාවෙදී ජනාධිපතිගෙන් අපරාධ කරපු අයට ඇස් උඩ යන පිළිතුරක් #npp #akd
02:17
Video thumbnail
ජනපතිතුමා පාර්ලිමේන්තුවට ආ හැටි
03:22
Video thumbnail
නව පාර්ලිමේන්තුවේ සජිත් මුල් වරට කළ කතාව
02:17

?