බොරු අන්තර්ජාල ව්‍යාපාර පෙන්වා කෝටි ගණනක් සොරාකෑ අයෙක් අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් හරහා සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් අන්තර්ජාල ව්‍යාපාර මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා රුපියල් එක්කෝටි විසි හය දක්ෂ අනු එක් දහස් තිස් තුනයි වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විර්මශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව වංචා කරන ලද මුදලින් රුපියල් 500,000/- ක් (ලක්ෂ පහක් ) තම බැංකු ගිණුම වෙත බැර කරවා ගෙන වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 36 ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පරිගණක අපරාධ විර්මශන අංශය වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.