බාල ගල්අඟුරු නිසා බිලියන 18කට වැඩි පාඩුවක් – කමිටු වාර්තාවෙන් හෙළිවෙයි

නියමිත ප්‍රමිතියට වඩා බාල ගල්අඟුරු ආනයනය කොට භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුව රුපියල් බිලියන 18කට අධික බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව, බාල ගල්අඟුරු හේතුවෙන් සිදු වූ සමස්ත පාඩුව රුපියල් මිලියන 18,368.89ක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු අධිකව භාවිතය නිසාවෙන් මිලියන 7,099ක්, අතිරේක නඩත්තු කටයුතු සඳහා මිලියන 80.4ක් වැය වී ඇති බවත්, අළු ප්‍රවාහනය සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මිලියන 13.1ක් ද පාඩු වී ඇති බව මන්ත්‍රීවරයා හෙළි කළා.

එමෙන්ම එම ගල් අඟුරු හරහා මෙගාවොට් 300 නිෂ්පාදනය නොවීම නිසා විදුලිය වැඩිපුර මිලදී ගැනීමට සිදුවීමෙන් මිලියන 8,572ක්, නියමිත පරිදි නෞකා 25ක් පැමිණිය යුතු වුවද, 19ක් පමණක් පැමිණීම නිසා හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් මිලියන 2,284ක් සහ නෞකා ප්‍රමාදයන් නිසා මිලියන 402.8ක් යනාදී වශයෙන් දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23