Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් අවසන් ගෞරව දැක්වනු ලැබුවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා, ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් මහා සංඝරත්නය වෙත සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියා.