පොලීසියට අලුතින් සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට අනුමැතිය

ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07 ක් ඉදිරිපත් වී තිබෙනවා.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC වෙතින් එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000/- ක (එකතු කළ අගය මත බදු රහිත) මිලකට සිංගල් කැබ් රථ (TATA YODHA PICKUP) 200ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23