බොරැල්ල පොලිස් වසමේ මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස් හන්දිය දෙසට කොළඹ නරගයට ඇතුළු වන මංතීරුවේ (ඩී.එස් සේනානායක මාවතේ ඩී.එස් හන්දියට ආසන්නයේ ) ජල නල පද්ධතියේ කාන්දුවක් හේතුවෙන් හදිසි අලුත්වැඩියා කටයුත්තක් සඳහා මේ වන විට එම මාර්ගයේ කැණීම් සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා.
එබැවින්, අදාල මාර්ගයේ කොළඹට ඇතුළුවන මංතීරුවේ රථවාහන ගමනා ගමනය සීමා කිරීම සිදු වන බැවින් පාර්ලිමේන්තු මාර්ගය, කාසල් වීදිය සහ මොඩෙල් ෆාම් හරහා ඩී.එස්. සේනානායක මාවත ඔස්සේ කොළඹට ඇතුළුවන සියළුම රථ වාහන සඳහා පහතවිකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ග
-මොඩෙල් ෆාම් හන්දියෙන් හැරී පරණ බුලස් පාර ඔස්සේ කනත්ත වටරවුම ඔස්සේ ගමන් කල හැක.
- මීට අමතරව ආයුර්වේද වටරවුමෙන් කොටා පාරට පිවිස බොරැල්ල හන්දිය ඔස්සේ ගමන් කල හැක.










