දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කළ තීන්දුවට එරෙහිව පෙත්සමක්

අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් ඉවත් කර එම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනුයි සිය නීතිඥ උදාර මුහන්දිරම් මහතා මාර්ගයෙන් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදීමෙන් අනතුරුව එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන් විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළ බවත් පෙත්සම්කරු කියා සිටියා.

මහේස්ත්‍රත් අධිකරණයේ එම තීරණයට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කර තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු විනිසුරුවරු නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් කළේ.

එබැවින් අභියාචනාධිකරණයේ තීන්දුව ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21