අකුරණ මාරක අනතුරට සම්බන්ධ රියදුරු රිමාන්ඩ්

පුද්ගලයින් සිව් දෙනෙක්ට මරු කැඳවමින් අකුරණ, කුරුගොඩ, 7 කණුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිමෙන්ති ප්‍රවාහනය කළ රථයේ රියදුරු නොවැම්බර් 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, එම සැකකරුව අද (20) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මියගිය සිව්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බව පොලිසිය සඳහන් කළ අතර, මියගිය යාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනතුරුව ඒවා ඔවුන්ගේ ඥාතීන් වෙතභාරදීමට කටයුතු කර තිබුණා.