බස් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට – 23කට තුවාල

තුල්හිරිය තැපැල් කාර්යාලය අසලදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ලංගම බස් රථයක් සහ කන්ටේනර් ප්‍රවාහනය කරනු ලබන ප්‍රයිම් මුවර් රථයක් ගැටීමෙනුයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ දොම්පේ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්.

අද පෙරවරු 10.30ට පමණ කොළඹ – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී කන්ටේනර් රථය ඉදිරියෙන් ගමන් කළ වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙනවා.

බස් රථය අනතුර සිදු වනවාත් සමග මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි සඳහන්.

අනතුරින් 23දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කන්ටේනර් රථය කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර බස් රථ⁣ය කොළඹ දෙස සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ එකක්.

කන්ටේනර් රථයේ රියදුරා වරකාපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබුවන් 12 දෙනෙකු මේ වන විට වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08