Fly high Get bonus Aviator Phone

බස් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට – 23කට තුවාල

තුල්හිරිය තැපැල් කාර්යාලය අසලදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ලංගම බස් රථයක් සහ කන්ටේනර් ප්‍රවාහනය කරනු ලබන ප්‍රයිම් මුවර් රථයක් ගැටීමෙනුයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ දොම්පේ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්.

අද පෙරවරු 10.30ට පමණ කොළඹ – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී කන්ටේනර් රථය ඉදිරියෙන් ගමන් කළ වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙනවා.

බස් රථය අනතුර සිදු වනවාත් සමග මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි සඳහන්.

අනතුරින් 23දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කන්ටේනර් රථය කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර බස් රථ⁣ය කොළඹ දෙස සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ එකක්.

කන්ටේනර් රථයේ රියදුරා වරකාපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබුවන් 12 දෙනෙකු මේ වන විට වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
0
+1
19
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?