මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ සැකකරුවන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 37 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි දැඩි කොන්දේසි යටතේ සැකකරුවන්ට අද ඇප නියම කරනු ලැබුවේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 32ක් සහ ඇප මත මුදාහැර සිටන විත්තිකරුවන් 5දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා 2022 වසරේ මැයි මාසයේදී ඝාතනයට ලක්වූයේ පැවති නොසන්සුන්තාව අතරතුරදීයි.

අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් පිරිසක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට පහර දීමෙන් පසු රට පුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, පොළොන්නරුව බලා යමින් සිටියදී යි නිට්ටඹුව ප්‍රදේශයේ දී අතුකෝරල මන්ත්‍රීවරයා පහර දී ඝාතනය කර තිබුණේ.

මෙම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ඝාතනයට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18