චීනයේ සිටින AI විශේෂඥයන්ගේ පවුල්වලටත් විදෙස් ගමන් සීමා

චීනයේ පෞද්ගලික සමාගම්වල සේවය කරන ප්‍රමුඛ පෙළේ කෘත්‍රිම බුද්ධි (AI) සහ චිප් තාක්ෂණ විශේෂඥයන් සඳහා පනවා ඇති විදෙස් ගමන් සීමා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දක්වා පුළුල් කර ඇති බව වාර්තා වනවා.

බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව, උපායමාර්ගික වශයෙන් වැදගත් AI සමාගම්වල ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආරම්භක සමාගම් නිර්මාතෘවරුන් ඇතුළු පිරිසකට මෙම නව සීමා බලපානවා.

චීන බලධාරීන් විසින් මෑතකදී අදාළ පුද්ගලයන් වෙත මෙම පුළුල් කළ සීමා දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ලෙස සැලකෙන ඇතැම් AI සහ චිප් තාක්ෂණ විධායකයන්ගේ සමීප පවුලේ සාමාජිකයන් වන බිරිඳ හෝ සැමියා සහ දරුවන්ට පවා කෙටි විදෙස් සංචාරයක් සඳහා වුවද චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමට සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

මෙම පියවරේ ප්‍රධාන අරමුණ ලෙස සැලකෙන්නේ රටේ උපායමාර්ගික තාක්ෂණික දැනුම සහ සංවේදී තොරතුරු විදෙස් රටවලට, විශේෂයෙන්ම ඇමරිකාවට, ගලායාම වැළැක්වීමයි.

AI සහ අර්ධ සන්නායක තාක්ෂණය සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර පවතින තරගකාරීත්වය මධ්‍යයේ මෙම නව සීමා ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙම ගමන් සීමා බලපාන පුද්ගලයන්ගේ නිශ්චිත සංඛ්‍යාව සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28