spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ සැකකරුවන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 37 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි දැඩි කොන්දේසි යටතේ සැකකරුවන්ට අද ඇප නියම කරනු ලැබුවේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 32ක් සහ ඇප මත මුදාහැර සිටන විත්තිකරුවන් 5දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා 2022 වසරේ මැයි මාසයේදී ඝාතනයට ලක්වූයේ පැවති නොසන්සුන්තාව අතරතුරදීයි.

අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් පිරිසක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට පහර දීමෙන් පසු රට පුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, පොළොන්නරුව බලා යමින් සිටියදී යි නිට්ටඹුව ප්‍රදේශයේ දී අතුකෝරල මන්ත්‍රීවරයා පහර දී ඝාතනය කර තිබුණේ.

මෙම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ඝාතනයට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?