දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ ගබඩාවක අද (15) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබුණා.
ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක මෙම ගින්න හටගෙන තිබූ අතර ගින්න පාලනය සඳහා මීගමුව සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයන්වල ගිනි නිවන රථ යොදවා තිබෙනවා.
ගින්න හේතුවෙන් ගබඩාකර තිබූ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සියල්ලම විනාශ වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ගින්න තවමත් සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා නොමැති අතර, ගිනි නිවීමේ ඒකක, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට කටයුතු කාරණා බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.
