රුපියල් ලක්ෂ හතලිස් දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ විදේශීය ගුවන් මඟියෙකු අද (15) දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 497 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණා 42 හැවිරිදි වියේ පසුවන චීන ජාතික ව්‍යාපාරිකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තාවෙනවා.
රුපියල් ලක්ෂ හතලිස් දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ අවස්ථාවේ එම ගුවන් මඟියා අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 ක් සගවා ගෙන තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
