GSP+ සහනය තවදුරටත්

ශ්‍රී ලංකාව වැනි රටවලට යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන වත්මන් GSP+ යෝජනා ක්‍රමය 2027 දෙසැම්බර් 31 දක්වා වසර 4කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා.

නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නීති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කාලය දීර්ඝ කර ඇති බවයි ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ තීරුබදු සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

යුරෝපා සංගමයේ මෙම පියවර ශ්‍රී ලංකාව වැනි රටවලට ඔවුන්ගේ ප්‍රවේශය අහිමි නොවන බවට සහතිකයක් ද වනවා.

තීරුබදු පහසුකම දීර්ඝ කිරීම තුළින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් යටතේ එම බැඳීම් ඇතිව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට අඛණ්ඩව ප්‍රවේශය ලබා දෙන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වැඩිදුරටත් සඳහන් කළේ.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිස වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව සඳහා, GSP+ දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අදහස් කරන්නේ, දැනට පවතින කිසිවක් වෙනස් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47