පොඩි රටවල් ණය උගුලට ඇද දැමූ චීනය අභ්‍යන්තර ණය අර්බුදයක ද ?

සංවර්ධනය වෙමින් පවතින රටවල් 150කට පමණ ඩොලර් ට්‍රිලියන 01කට ආසන්න මුදලක් ණයට දී ඇති චීනය, රට තුළම ‘ණය බෝම්බයකට’ මුහුණ දෙමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් හි ව්‍යාපාර හා ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවකු සහ නිව් යෝර්ක් ටයිම්ස් ෂැංහයි කාර්යාලයේ ප්‍රධානී කීත් බ්‍රැඩ්ෂර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය දැනට අර්බුදයකට ලක්ව සිටින දියුණු වෙමින් පවතින රටවල් විසින් ගෙවිය යුතු විශාල ණය අවලංගු නොකිරීමට චීනයට බල කරන බවයි.

චීනයේ ස්වදේශීය ණය අර්බුදය කෙසේ ද යත් චීන රාජ්‍ය බැංකු වෙත ප්‍රාදේශීය ආණ්ඩු සහ පොත්වලින් බැහැර මූල්‍ය අනුබද්ධයන් සහ දේපළ වෙළඳාම් සංවර්ධකයින් විසින් ගෙවිය යුතු මුදල ඩොලර් ට්‍රිලියන ගණනක් බවයි පැවසෙන්නේ.

කීත් බ්‍රැඩ්ෂර්ට අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ චීන සංචාරයේදී ඇති වූ ප්‍රධාන ගැටලුවක් වූයේ අඩු ආදායම්ලාභී රටවල් මුහුණ දෙන විකාශනය වන ණය අර්බුදයට මුහුණ දීම සඳහා වැඩි සහයෝගයක් ලබා ගැනීමට චීනයට ඒත්තු ගැන්වීමට නොහැකිවීමයි.

චීනයේ රාජ්‍ය පාලිත බැංකු පද්ධතිය චීනය තුළ ණය සඳහා වඩා විශාල පාඩුවලට මුහුණ දෙන විට විදේශ ණය මත පාඩු පිළිගැනීම ගැන කල්පනාකාරී වන බව ඔහුගේ මතයයි.

JP Morgan Chase හි පර්යේෂකයන් පසුගිය මාසයේ කරන ලද ගණනය කිරීම් අනුව කුටුම්භ, සමාගම් සහ රජය ඇතුළු චීනය තුළ සමස්ත ණය රටේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 282 දක්වා ළඟා වී තිබෙනවා.

එය සංසන්දනාත්මකව සලකන විට ලොව පුරා සංවර්ධිත ආර්ථිකයන්හි සාමාන්‍යයෙන් සියයට 256ක් සහ එක්සත් ජනපදයේ සියයට 257ක් ලෙස දැකිය හැකියි.

චීනය අනෙකුත් බොහෝ රටවලින් වෙන්කර හඳුනා ගන්නේ එහි ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව ණය කෙතරම් වේගයෙන් ගොඩගැසී තිබේද යන කරුණ මතයි.

එක්සත් ජනපදය හෝ ණයගැති ජපානය සමඟ චීනය සංසන්දනය කළහොත්, ණය ඉහළ ගොස් ඇත්තේ අඩුවෙනි.

එහෙත් වසර 15කට පෙර පැවති ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ආර්ථිකයේ ප්‍රමාණය හා සසඳන විට චීනයේ ණය ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වීම, එය කළමනාකරණය කිරීම දුෂ්කර කර තිබෙනවා.

කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබා දෙන ණය එහි දේශීය ණයට සාපේක්ෂව කුඩා වන අතර එය චීනයේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 6කටත් වඩා අඩු අගයක්.

නමුත් මෙම ණය දේශපාලනික වශයෙන් විශේෂයෙන් සංවේදී කරුණක්.

දැඩි වාරණයක් තිබියදීත්, චීන සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර චෝදනා මතු කරනු ලැබුවේ බැංකු විසින් මුදල් ණයට දිය යුතුව තිබුණේ විදේශයන්ට නොව දේශීය දුප්පත් කුටුම්භවලට සහ ප්‍රදේශවලට බවයි.

චීනයේ ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇත්තේ පළාත් පාලන ආයතන විසින් ගෙන ඇති ණය ප්‍රමාණය ඉහළ යෑමත් සමඟයි.

ණය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ෆිච් රේටින්ග්ස් ඇස්තමේන්තු කරන්නේ චීනයේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 30කට පමණ සමාන ණය ප්‍රාදේශීය ආණ්ඩුවලට ඇති බවයි.

ණය කරදර නිසා චීනයේ බැංකුවලට අඩු ආදායම්ලාභී රටවලට ඔවුන්ගේ ණයවල පාඩු පිළිගැනීමට අපහසු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සුරිනාමය වැනි රටවල් බොහොමයක් දැන් සැලකිය යුතු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24