Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු ජනපති මහින්දව අල්ලස් කොමිසමට කැඳවීමේ ලිපිය කාල්ටන් නිවසට

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අද (09) හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවස්ට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාර දී නොතිබූ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයන සඳහන් කළා.