හැකර්වරුන් යැයි සැක චීන්නූ පිරිසක් තංගල්ලේ දී අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මෙරට පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී මුදල් වංචා කිරිමේ ජාවාරමක නිරත වී යයි සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 06 දෙනෙකු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග කළා.

පරිගණක මඟින් මුදල් වංචා කරන හැකර්වරුන්යැයි සැක කල හැකි විදේශිකයින් පිරිසක් ගන්දර තලල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටීන බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 04 ක් හා නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතන 30 ක් චාජර් 72 ක් රුපියල් 1000 දුරකතන පෙර ගෙවුම් කාඩ් පත් 125ක්, ප්‍රින්ටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් ජනවාරි මස 04 වැනි දින සීට එම සැකකරුවන් 06 දෙනා විශාල මුදලක් ගෙවා අදාල හෝටලය තුල රැදී සිට ඇති බව පොලීසිය සදහන් කරයි.සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවක ද සිටින බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ වලංගු විදෙස් ගමන් බලපත්‍ර හා සංචාරක වීසා ලියකියවිලි නොතිබුණු බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

අන්තර් ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා සිදු කිරීම,සංචාරක වීසා මගින් පැමීණ මෙරට රැකියා වල නිරත වීම,වලංගු විදෙස් බලපත්‍ර හා වීසා සහතික නොමැති වීම ආදී චෝදනාවන්ට සැක පිට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය වෙත දැනුම් දුන්නා.

තවද ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා භාෂා පරිවර්තකවරයෙක්ගේ සහාය ලබා ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40