විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන තීරණය දැනුම්දෙයි – ඒකක 180ට වැඩි නම් 18%ක ගාස්තු ඉහළ දැමීමක්

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළ විදුලි ගාස්තුව, ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 වැඩි කාණ්ඩය සඳහා 18% කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක දී එම කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ නව සඳහන් කළා.

ඒකක 0-30, ඒකක 31-60, ඒකක 61-90, ඒකක 91-120, ඒකක 121-180 යන කාණ්ඩය සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සියලුම රාජ්‍ය ආයතනවලට ද 18%කින් විදුලි ගාස්තු ඉහළ යන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙහිදී දැනුම් දුන්නේ.

එමෙන්ම ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නිවන අතර, විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි පූජනීය ස්ථානවල ද 18%කින් විදුලි ගාස්තුව ඉහළ දමනු ඇති.

රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමඟ 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ, අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දුන්නේ.

  1. මේ වැඩිකිරීමට ගල් අගරුවල ඇතිවීඇති අලාභය බලපානව.ජලවිදුලිය සීමාවන නිසා විදුලිබල මන්ඩලයට ඩීසල් බලාගාර විදුලි නිෂ්පාදනයට යන්නම වෙනව. ඒකෙන් අපි වැඩිපුර 18% ක් ගෙවනව. ඒක වක්‍රාකාරව 18% ට අඩුඅය ලගටත් එනව, මොකද, 18% ට අඩු අය නෙවෙයි නෙ රටේ නිෂ්පාදනයන් කරන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57