ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය විසින් ගනු ලැබූ තීරණයත් සමඟ පාසල් ප්‍රවාහන ගාස්තු ද වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එල්. මල් ශ්‍රී ද සිල්වා පැවසුවේ ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡාකර යම් ප්‍රමාණයක් ගාස්තු වැඩි කිරීම සිදුකරන බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයට රජය කටයුතු කළ අතර ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගැනුණු අතර, එහි නව මිල වන්නේ රුපියල් 458ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් ‍470ක් ලෙඅ දැක්වෙනවා.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දැමූ අතර, එහි නව මිල රුපියල් 410ක්.

ලංකා භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගෙන ගැනුණු අතර, රුපියල් 265ක් ලෙස එහි නව මිල දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46