දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා වලංගු බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව අවදානම් මට්ටම් දෙකක් යටතේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

2 වන මට්ටම – අවදානම් අනතුරු ඇඟවීම (ඇම්බර් වර්ණය)

.කෑගල්ල දිස්ත්‍රික්කය – අරණායක, දෙහිඕවිට, මාවනෙල්ල සහ දැරණියගල
නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරලය, නිල්දණ්ඩාහින්න සහ වලපනාව
රත්නපුර දිස්ත්‍රික්කය – ඇලපාත, එළියගම, වැලිගෙපොළ සහ අයගම

1 වන මට්ටම – විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම (කහ වර්ණය)

බදුල්ල දිස්ත්‍රික්කය – ඇල්ල සහ පස්සර
කොළඹ දිස්ත්‍රික්කය – පෑලියගොඩ / පෑලියගොඩ සහ සීතාවක (පාදුක්ක සහ සීතාවක)
කළුතර දිස්ත්‍රික්කය – මතුගම සහ පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර, පස්බාගේ කෝරලය, උඩුනුවර, ගඟ ඉහළ කෝරලය, දොළුව, උඩුදුම්බර සහ උඩපළාත
නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, මතුරට, නෝර්වුඩ් සහ හඟුරන්කෙත
කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, වරකපොළ සහ යටියන්තොට
රත්නපුර දිස්ත්‍රික්කය – කිරිඇල්ල, කුරුවිට, බලංගොඩ, කොළොන්න, ගොඩකවෙල සහ රත්නපුර