ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට විරුද්ධව ඔහුගේම පක්ෂයෙන් දෝෂාභියෝගයක්

රිපබ්ලිකන් පක්ෂය මධ්‍ය කාලීන මැතිවරණ පරාජයෙන් පීඩා විඳිමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත් සමීප පුද්ගලයෙකු වන ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත්ට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උත්සායහක් දියත්වුණා.

එම දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ලැබුවේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වීම මෙහි විශේෂත්වයක්.

එහෙත් අනපේක්ෂිත ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් උත්සාහය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් අවහිර කර තිබෙනවා.

දෝෂාභියෝග ලිපි රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික තෝමස් මැසි විසින් හඳුන්වා දෙන ලද නමුත්, එම උත්සාහයට ප්‍රධාන වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සහාය දැක්වුවා. ඔවුන් හෙග්සෙත්ට බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ නීති විරෝධී හමුදා මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරනවා.

රිපබ්ලිකන් පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය අඟහරුවාදා 211-204 කින් එම ලිපි නැවත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුවට යොමු කිරීමට ඡන්දය දුන් අතර, එහිදී ඒවා දින නියමයක් නොමැතිව කල් තැබීමේ වාතාවරණයක් උදාවී තිබෙනවා.

ඒ අනුව සංශෝධන සහිතව නැවත එම යෝජනාව ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා පවතින අවස්ථා සීමිත බවට වාර්තාවෙනවා.

මන්දයත් සති අටකින් වත්මන් කොංග්‍රසයේ ධුර කාලය අවසන් වන අතර, ජනවාරි 3 වන දින සිට ඩිමොක්‍රටික් පක්ෂයට මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව පාලන බලය ලැබෙනවා.

එබැවින් ඔවුන් කොපමණ විවේචන තිබුණත් හෙග්සෙත්ට එරෙහි විශ්වාස භංගයකට සහයෝගයක් දැක්වීමක් හෝ නැවත ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවට වාර්තාවෙනවා.