පොඩි රටවල් ණය උගුලට ඇද දැමූ චීනය අභ්‍යන්තර ණය අර්බුදයක ද ?

සංවර්ධනය වෙමින් පවතින රටවල් 150කට පමණ ඩොලර් ට්‍රිලියන 01කට ආසන්න මුදලක් ණයට දී ඇති චීනය, රට තුළම ‘ණය බෝම්බයකට’ මුහුණ දෙමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් හි ව්‍යාපාර හා ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවකු සහ නිව් යෝර්ක් ටයිම්ස් ෂැංහයි කාර්යාලයේ ප්‍රධානී කීත් බ්‍රැඩ්ෂර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය දැනට අර්බුදයකට ලක්ව සිටින දියුණු වෙමින් පවතින රටවල් විසින් ගෙවිය යුතු විශාල ණය අවලංගු නොකිරීමට චීනයට බල කරන බවයි.

චීනයේ ස්වදේශීය ණය අර්බුදය කෙසේ ද යත් චීන රාජ්‍ය බැංකු වෙත ප්‍රාදේශීය ආණ්ඩු සහ පොත්වලින් බැහැර මූල්‍ය අනුබද්ධයන් සහ දේපළ වෙළඳාම් සංවර්ධකයින් විසින් ගෙවිය යුතු මුදල ඩොලර් ට්‍රිලියන ගණනක් බවයි පැවසෙන්නේ.

කීත් බ්‍රැඩ්ෂර්ට අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ චීන සංචාරයේදී ඇති වූ ප්‍රධාන ගැටලුවක් වූයේ අඩු ආදායම්ලාභී රටවල් මුහුණ දෙන විකාශනය වන ණය අර්බුදයට මුහුණ දීම සඳහා වැඩි සහයෝගයක් ලබා ගැනීමට චීනයට ඒත්තු ගැන්වීමට නොහැකිවීමයි.

චීනයේ රාජ්‍ය පාලිත බැංකු පද්ධතිය චීනය තුළ ණය සඳහා වඩා විශාල පාඩුවලට මුහුණ දෙන විට විදේශ ණය මත පාඩු පිළිගැනීම ගැන කල්පනාකාරී වන බව ඔහුගේ මතයයි.

JP Morgan Chase හි පර්යේෂකයන් පසුගිය මාසයේ කරන ලද ගණනය කිරීම් අනුව කුටුම්භ, සමාගම් සහ රජය ඇතුළු චීනය තුළ සමස්ත ණය රටේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 282 දක්වා ළඟා වී තිබෙනවා.

එය සංසන්දනාත්මකව සලකන විට ලොව පුරා සංවර්ධිත ආර්ථිකයන්හි සාමාන්‍යයෙන් සියයට 256ක් සහ එක්සත් ජනපදයේ සියයට 257ක් ලෙස දැකිය හැකියි.

චීනය අනෙකුත් බොහෝ රටවලින් වෙන්කර හඳුනා ගන්නේ එහි ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව ණය කෙතරම් වේගයෙන් ගොඩගැසී තිබේද යන කරුණ මතයි.

එක්සත් ජනපදය හෝ ණයගැති ජපානය සමඟ චීනය සංසන්දනය කළහොත්, ණය ඉහළ ගොස් ඇත්තේ අඩුවෙනි.

එහෙත් වසර 15කට පෙර පැවති ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ආර්ථිකයේ ප්‍රමාණය හා සසඳන විට චීනයේ ණය ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වීම, එය කළමනාකරණය කිරීම දුෂ්කර කර තිබෙනවා.

කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබා දෙන ණය එහි දේශීය ණයට සාපේක්ෂව කුඩා වන අතර එය චීනයේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 6කටත් වඩා අඩු අගයක්.

නමුත් මෙම ණය දේශපාලනික වශයෙන් විශේෂයෙන් සංවේදී කරුණක්.

දැඩි වාරණයක් තිබියදීත්, චීන සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර චෝදනා මතු කරනු ලැබුවේ බැංකු විසින් මුදල් ණයට දිය යුතුව තිබුණේ විදේශයන්ට නොව දේශීය දුප්පත් කුටුම්භවලට සහ ප්‍රදේශවලට බවයි.

චීනයේ ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇත්තේ පළාත් පාලන ආයතන විසින් ගෙන ඇති ණය ප්‍රමාණය ඉහළ යෑමත් සමඟයි.

ණය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ෆිච් රේටින්ග්ස් ඇස්තමේන්තු කරන්නේ චීනයේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් සියයට 30කට පමණ සමාන ණය ප්‍රාදේශීය ආණ්ඩුවලට ඇති බවයි.

ණය කරදර නිසා චීනයේ බැංකුවලට අඩු ආදායම්ලාභී රටවලට ඔවුන්ගේ ණයවල පාඩු පිළිගැනීමට අපහසු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සුරිනාමය වැනි රටවල් බොහොමයක් දැන් සැලකිය යුතු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55