“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක් – ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් පසුගිය 2022 වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළා.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් ඉන් පවුල් ඒකක 887,653ක් (70%) “අස්වැසුම” ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන් මෙලෙස අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම අස්වැසුම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලේඛනයට අදාළ විරෝධතා 62,368ක් ලැබී ඇති ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ආබාධිත, වකුගඩු රෝගී හෝ වැඩිහිටි ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ද නව වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අතර, එතෙක් එම පිරිසට දැනට ලබන ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සහ ඇතැම් වෘත්තීය සමිති මැදිහත්ව විවිධ බලපෑම් කළ ද එම බලපෑම් මඟින් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හෝ නුසුදුස්සන් තේරීමට නො හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මුදල් අමාත්‍යාංශය විසින් සමාජ සුබසාධක වැඩසටහන ඍජුම ක්‍රියාත්මක කරන අතර, ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ කටයුත්ත සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසූ අමාත්‍යවරයා දැනට සමෘද්ධි වැඩසටහන යටතේ ඇති අරමුදල් එම ව්‍යාපෘති සඳහා සුරක්ෂිතව යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?