“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක් – ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් පසුගිය 2022 වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළා.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් ඉන් පවුල් ඒකක 887,653ක් (70%) “අස්වැසුම” ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන් මෙලෙස අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම අස්වැසුම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලේඛනයට අදාළ විරෝධතා 62,368ක් ලැබී ඇති ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ආබාධිත, වකුගඩු රෝගී හෝ වැඩිහිටි ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ද නව වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අතර, එතෙක් එම පිරිසට දැනට ලබන ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සහ ඇතැම් වෘත්තීය සමිති මැදිහත්ව විවිධ බලපෑම් කළ ද එම බලපෑම් මඟින් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හෝ නුසුදුස්සන් තේරීමට නො හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මුදල් අමාත්‍යාංශය විසින් සමාජ සුබසාධක වැඩසටහන ඍජුම ක්‍රියාත්මක කරන අතර, ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ කටයුත්ත සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසූ අමාත්‍යවරයා දැනට සමෘද්ධි වැඩසටහන යටතේ ඇති අරමුදල් එම ව්‍යාපෘති සඳහා සුරක්ෂිතව යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25