විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අඹුසැමි යුවළ පොලිස් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාව කිරීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන පොලිසියට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව සිදුකළ විමර්ශනවලට අනුවයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (13) රාත්‍රියේ කෑගල්ල ප්‍රදේශයේදී මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ දහවල් වන විටත් පොලිසියට කට්ටි පනිමින් සිටියදී මුදල් වංචාවට හසු වූ පිරිස විසින් මෙම යුවළ අල්ලා ගෙන පොලිසියට භාරදී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා සහ කාන්තාව 27 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් මීට පෙර ද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි මූල්‍ය වංචා සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අඹුසැමි යුවළට එරෙහිව පුද්ගලයන් 46 දෙනෙකු පැමිණිලි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම යුවළගේ වංචාවට ලක්වූ පුද්ගලයන් සිටී නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

සැකකාර යුවළ අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?