විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අඹුසැමි යුවළ පොලිස් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාව කිරීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන පොලිසියට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව සිදුකළ විමර්ශනවලට අනුවයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (13) රාත්‍රියේ කෑගල්ල ප්‍රදේශයේදී මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ දහවල් වන විටත් පොලිසියට කට්ටි පනිමින් සිටියදී මුදල් වංචාවට හසු වූ පිරිස විසින් මෙම යුවළ අල්ලා ගෙන පොලිසියට භාරදී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා සහ කාන්තාව 27 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් මීට පෙර ද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි මූල්‍ය වංචා සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අඹුසැමි යුවළට එරෙහිව පුද්ගලයන් 46 දෙනෙකු පැමිණිලි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම යුවළගේ වංචාවට ලක්වූ පුද්ගලයන් සිටී නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

සැකකාර යුවළ අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18